
සරා සඳ නැති අඳුරු තනිකම අමාවක
අහසක් .....
වගෙයි මගෙ සිත ලොව නොදන්නා එය තවම
රහසක් .....
රැයේ සිහිනෙට හමන නුඹගේ සුවඳ එක
සුසුමක් .....
මගේ කවි සිත අවදි කරමින් මවයි කවි
දහසක් .....
මඳ පවන් වැද සුළඟෙ ලෙලෙනා රෝස මල්
යායක් ......
මතින් ඇදෙනා කොවුල් විහඟුන් ගැයූ පෙම්
ගීයක් ......
ඇසී නෑසුන ලෙසින් සිටි නුඹ නොමැති එක
මොහොතක් .....
ගෙවාගන්නට බැරිව වැටුනා නෙතින් ඉනු
කඳුලක් .....
No comments:
Post a Comment